fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තියට එන බාධා ගැන පොලිස් ඇමතිගෙන් යළිත් හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 20:27

යුක්තියට එන බාධා ගැන පොලිස් ඇමතිගෙන් යළිත් හෙළිදරව්වක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලින් යැපෙන පිරිස් යුක්තිය මෙහෙයුම නතර කරන්නැයි බලකරමින් ජීවිත තර්ජන පවා එල්ල කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

කුමන තත්ත්වයක් ඔස්සේ වුව ද එම මෙහෙයුම කිසිසෙත් අතරමග නතර නොකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ  ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත් වුණේ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ ඉදිරි මාස එකහමාර තුල මත් උවදුරට තිත තැබීමට හැකි වන බවයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 20:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්