fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 17:37

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

සංවිධානාත්මකව බුදු දහම පිළිබද සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හර පද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

තෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම ලිපියේ වැඩිදුරටත් සදහන් වන්නේ බුදු දහම විනාශ කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ගේ හැසිරීම තවදුරටත් හුදු සිද්ධීන් ලෙස ලඝුකොට සැලකිය නොහැකි බවයි.

විවිධ පටු අපේක්ෂාවන්ගෙන් ගිහි පැවිදි පිරිස් සංවිධානාත්මකව බුදු දහමේ ගාම්භීරත්වය විනාශ කරමින් ශාසනික හානියක් සිදුකිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරතව සිටින බව මහ නාහිමිවරුන් යොමුකළ ලිපියේ සදහන්.

මෙම ක්‍රියාදාමයට මෑතකාලීන නිදර්ශනය වන්නේ අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙස හදුන්වාදෙමින් බෞද්ධ ජනතාව නොමග යැවීමට පුද්ගලයෙකු කටයුතු කිරීමයි.

අසරණ ජනතාව නොමග යවමින් සදාකාලීක සැපය ලබාගැනීම උදෙසා සියදිවි නසා ගැනීමට පෙළඹවීම ද ඔවුන්ගේ එක් ක්‍රියාවක් බව මහ නාහිමිවරුන් පෙන්වා දෙනවා.

මීට පෙරද බුද්ධ චරිතය මෙන්ම පූජනීය වස්තූන් පිළිබද අන්තගාමී සමාජ කැළඹීමට තුඩුදෙන ක්‍රියාවන් සිදුකරමින් ජනතාව නොමග යැවීමට කළ උත්සාහයන් නිරීක්ෂනය වූ බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

මෙම සෑම සිදුවීමක් පිටුපසම සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වූ ආකාරය හා ඇතැම් අන්තවාදී සංවිධාන එවැනි පුද්ගලයින්ට සුවිසල් මූල්‍යමය දායකත්වයක් ලබාදුන් ආකාරය පිළිබදව ද හෙළිවූ බව එම ලිපියේ සදහන්.

එමෙන්ම බුදුදහම විනාශ කිරීමට උත්සහ දරණ මෙවැනි හැසිරීම් හුදු සිද්ධීන් ලෙස ලඝුකොට සැලකිය නොහැකි බව ප්‍රත්‍යක්ෂ වී ඇති බවයි මහා සංඝරත්නය අවධාරණය කරන්නේ.

මෙවැනි ප්‍රකාශ මෙන්ම හැසිරීම් සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් සමාජ කැළඹීම් ඇති කිරීමට උත්සාහ දරණ පුද්ගලයින් පිළිබදව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්