fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පෙති 10600ක් සමඟ සැකකරුවන් 02ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 14:29

මත්පෙති 10600ක් සමඟ සැකකරුවන් 02ක් අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියයක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු  සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය සහ සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව, පෙරේදා (12) වන දින මිහින්තලේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂාවට ලක් කෙරුණා.

එහිදී එම පුද්ගලයා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් රැගෙන යමින් තිබූ මත්පෙති (Pregabalin Capsules) සියයක ප්‍රමාණයක් සමඟ එම සැකකරු සහ යතුරු පැදිය අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, ඊයේ (13) වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය සහ පොලිස් විශේෂ කාර්ය බලකා උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය එක්ව, තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ග‍ලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, උරයක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) දසදහස් පන්සියයක (10500) තොගයක් එම ප්‍රදේශයේ ළදු කැළෑවක තිබී සොයා ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 38 ක් වන මිහින්තලේ සහ තලෙයිමන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

මිහින්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු, මත්පෙති තොගය සහ යතුරු පැදිය මිහින්තලේ පොලීසිය වෙතත්, තලෙයිමන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු  සහ මත්පෙති තොගය තලෙයිමන්නාරම පොලීසිය වෙතත් භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්