හවුති සටන්කාමීන්ට පහරදීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොතිබුණු බව බ්‍රිතාන්‍ය පවසනවා.
යේමනයේ හවුති කැරළිකරුවන්ට රතු මුහුදේ දී එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ බව කියාසිටියේ.
කැමරන් බ්‍රිතාන්‍ය යේ හිටපු අගමැතිවරයෙකු ද වනවා.
හවුති සටන්කාමීන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොතිබුණ බව විදේශ අමාත්‍යවරයා පවසනවා.
කැමරන් සාමිවරයා පැවසුවේ මෙම සතියේ ඇමරිකාව විසින් මෙහෙයවන ලද ප්‍රහාරවලට සම්බන්ධවීමට පෙර බ්‍රිතාන්‍ය හවුති කැරලිකරුවන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බවයි.