fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ අක්කර 400ක වගා කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 13:21

ජපානයේ අක්කර 400ක වගා කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා

ජපානයේ අක්කර 400 ක වැඩි  ප්‍රමාණයක වගා කටයුතු සිදු කරමින් ශ්‍රී ලාංකික ව්‍යාපාරියෙකු වූ සුජිත් ජයන්ත සමරවික්‍රම මහතා මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා සළසා දී තිබෙනවා.

ජපානයේ සකුරා ප්‍රාන්තයේ මෙම වගා කටයුතු සිදු කරගෙනු යනු ලබන්නේ බොහෝ පිරිසකට ආදර්ශයක් ද ලබා දෙමින්.

සුජිත් ජයන්ත සමරවික්‍රම  මහතාගේ මෙහෙයවීමෙන් වී වගාව මෙන්ම ගෝවා කැරට් ඇතුළු එළවළු මෙන්ම  අල බතල සාර්ථකව වගා කෙරෙන අතර ඉන් ඉහළ අස්වැන්නක් ද ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙරට තරුණ තරුණියන් බොහෝ පිරිසකට රැකියා  අවස්ථා ද උදා කරදෙමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් මෙන්ම බොහෝ පිරිසකට ආදර්ශයක් ද ලබා දීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 13:21

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්