fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් මත් කුඩු පාර්සල් 3ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 12:57

හෙරොයින් මත් කුඩු පාර්සල් 3ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

කෝටි තුනකට වඩා වැඩි මුදලකට අලෙවි කිරීමට ගිය හෙරොයින් මත් කුඩු පාර්සල් 03ක් සමඟ සැක කරුවකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත 13 දා රාත්‍රී 7.45 පමණ කල්පිටියේ සිට පුත්තලම පැමිණෙන ලංගම බස් රථයක් තුල කුරුන්ඥන්පිටිය ප්‍රදේශයේදීයි සැකකරු සහ හෙරෝයින් මත් කුඩ තොගය පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙහි හෙරෝයින් මත් කුඩු කිලෝ 2 ග්රූම් 810 තිබී ඇත.

මෙම හොරෝයින් මත් කුඩ තොගය කොළඹ වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ හෙරෝයින් මත් කුඩු අලෙවි කරුවකුට ලබා දීම පිණිස රැගෙන ගිය බවත් තමන්ට එක් පාර්සලයක් වෙනුවෙන් රුපියල් 20000 /= මුදලක් ලබා දෙන බවත් වත්තල ප්‍රදේශයේ පදිංචි 30 හැවරදි සැකකරු පොලීසයට පවසා තිබෙනවා.

ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන ඇවිත් ඇති මෙම හෙරොයින් මත් කුඩු තොගය එතනින් ධීවර බෝට්ටුවක් මාර්ගයෙන් කල්පිටියට රැගෙන ඇවිත් සැකකරුට ලබා දී ඇති  අතර සැකකරු කොළඹ රැගෙන යාම සඳහා බස් රථය මෙම  රැගෙන එන විටදී  යුධ හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුර මත පොලිස් නිළධාරීන්ගේ අත් අඩංගුවට පත් වී ඇත.

සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පුත්තලම දිසාව භාර  නියෝජය පොලිස්පති නාලක සිල්වා මහතාගේ , පුත්තලම ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ රූපසිංහ  යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් පරිදි පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යන්ශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්: ආර්: ඒ චන්ද්‍රසිරිලාල් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම වැටලීම සිදු කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්