fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 24ක කාලයක් තුළ යුක්තිය මෙහෙයුමෙන් 771 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 09:03

පැය 24ක කාලයක් තුළ යුක්තිය මෙහෙයුමෙන් 771 දෙනෙකු අත්අඩංගුවට

පැය 24ක කාලයක් තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 771 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 771 දෙනා අතරින් 23 දෙනෙකු රැදවුම් නියෝග මත පොලිස් භාරයේ රදවා ගනිමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

හෙරොයින් ග්‍රෑම් 192ක්, අයිස් ග්‍රෑම් 101ක්, ගංජා කිලෝග්‍රෑම් 27යි, ග්‍රෑම් 259ක් ,  ඈෂ් ග්‍රෑම් 268ක් හා මත් පෙති 10,611ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවත් ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගන්නා බවත් පොලිස් මූලස්ථානය සඳහන් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්