fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් සියලුම පොලිස් ස්ථාන වෙත

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 20:29

අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් සියලුම පොලිස් ස්ථාන වෙත

විවිධ අපරාධ ක්‍රියා සඳහා සම්බන්ධ පුද්ගලයන් 42,248 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර තිබෙනවා.

යුක්තිය මෙහෙයුමෙන් ඉදිරි මාසය තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසත් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

එම සැකකරුවන් අතර වරෙන්තු නිකුත් කර ඇති 35,505ක්, ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 4,258ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් (2022 වර්ෂයේ) 807ක් සහ 1678ක් (2023 වර්ෂයේ) වශයෙන් සැකකරුවන් 2,485 දෙනෙකු සිටී.

හෙට (14) සිට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සක්‍රීයව සහභාගී වන ලෙසටයි සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මු.පො.ප. ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 20:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්