fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඩු ලබන රජයේ වතු බදු පදනම යටතේ වෙනත් සමාගම්වලට

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 16:00

පාඩු ලබන රජයේ වතු බදු පදනම යටතේ වෙනත් සමාගම්වලට

ලාබ ලබන්නේ නැති රජයේ වතු බදු පදනම යටතේ වෙනත් සමාගම්වලට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දල්ලකින් වෙනසක් – තේඅස්වනු සංග්‍රාමය යනමැයෙන් ගාල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය හා කුඩා තේවතු සමිති සංවිධානය එක්ව මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනවා.

ආදර්ශ තේ ගොවීන් කණ්ඩායම් පිහිටුවීම හා ඔවුන්ගේ තේ අස්වනු ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු වනවා.

රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්