fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර සීත සෘතුවේ දිල්ලි නගරයේ උෂ්ණත්වය අඩුම දිනය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 15:01

මෙවර සීත සෘතුවේ දිල්ලි නගරයේ උෂ්ණත්වය අඩුම දිනය අද

මෙවර සීත සෘතුවේ දී දිල්ලි නගරයේ උෂ්ණත්වය අඩුම දිනය ලෙස අද දිනය සටහන් වනවා.

අද උදෑසන ඉන්දියාවේ දිල්ලි නගරයේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 3.9ක් ලෙසයි.

එය මෙවර සීත සෘතුවේ වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙසයි සටහන් වන්නේ.

සීත කාලගුණයත් සමඟ අද උදෑසන දිල්ලි නගරය ඝණ මීදුම් වලාවකින් වැසී තිබූ බව කාලගුණ අංශ නිවේදනය කරනවා.

මහා මාර්ගයන්හි ප්‍රවාහන කටයුතු අඩාල වී තිබූ අතර ගුවන් හා දුම්රිය ගමන්වාර රැසක් ද අවලංගු කෙරුණා.

ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල විය හැකි බැවින් ගුවන්තොටුපොලට පැමිණීමට පෙර අදාළ ගුවන් සමාගමෙන් තත්ත්වය පරීක්ෂා කර බලන ලෙස ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ගුවන් මගින්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්