සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා සමඟ සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයන් 06 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
හරක්කටා සමඟ දුරකතන සබඳතා පැවැත් වූ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය මගිනුයි.
ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හරක් කටා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු වුණේ.
වැලිගම හා අතුරුගිරිය යන ප්රදේශවලදී මොවුන් නීතියේ රැහැනට හසුකරගත්තා.
සැකකරුවන් වැලිගම දික්වැල්ල හා අතුරුගිරිය යන ප්රදේශවල පදිංචිකරුවන්.