fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක බැංකු අරමුදලින් ඉදි කළ ජල ව්‍යපෘතියක් සනත් නිශාන්ත මහතා විසින් විවෘතකර ජනතාවට පවරා දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 06:12

ලෝක බැංකු අරමුදලින්  ඉදි කළ ජල ව්‍යපෘතියක් සනත් නිශාන්ත මහතා විසින් විවෘතකර ජනතාවට පවරා දෙයි

ග්‍රාමීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලන ජල සම්පාදන ව්‍යාපෘතියක්, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් විවෘතකර ජනතාවට පවරා දෙනු ලැබිණ.

ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ, ලෝක බැංකු අරමුදලින් මෙම ජල ව්‍යාපෘතිය දැරණියගල, දොඩාවත්ත ප්‍රදේශයේ ඉදිකර තිබිණ.

මෙම ජල යෝජනා විවෘත කිරීමත් සමගම පවුල් 1500 කගේ සියලු ජල අවශ්‍යතාවන් සපිරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ජනතාව ජමුවේ ප්‍රකාශ කර සිටියා.

ඉදිරියේදී නව ජල සම්බන්ධතා ලබාදීමෙන් පසු, එම සංඛ්‍යාව පවුල් 2000 දක්වා වර්ධනය වන බවත්, මෙහි පවත්නා ජල ධාරිතාවය මත එම සීමාව ඉක්මවා ජලය ලබාදීමට හැකියාව පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙනු ලැබිණ.

ජල හි‍ඟයෙන් පෙළෙන දුෂ්කර සහ දුෂ්කර නොවන, ග්‍රාමීය සහ ග්‍රාමීය නොවන සියලු ජනතාවගේ ජල අවශ්‍යතාවන් විසඳීම තම එකම අරමුණ බව ප්‍රකාශ කළ සනත් නිශාන්ත මහතා, ලැබුවාවූ 2024 වසර තුළ සමාජයේ සියලු අංශ, එක් වසරක් ඇතුළත කඩිනම් සංවර්ධනයක් කරා ගෙන යන වැඩ පිළිවෙළක් දැනටමත් අරඹා ඇති බවත්, ඒ අනුව බොහෝ දුෂ්කරතා විසඳෙනු ඇතිබවත් ප්‍රකාශ කරන ලදි.

ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගත් ග්‍රාමීය ප්‍රජා ජල සංවිධාන විසින්, ගමට විශාල සේවාවක් සලසමින් සිටින බව කී සනත් නිශාන්ත මහතා , දොඩාවත්ත, සුවනි ඒකාබද්ධ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ප්‍රතිපාදන වෙන්කළ වසිප් ව්‍යාපෘතියටත්, සහයෝගය දැක්වූ සැමටත් හදවතින්ම ස්තූතිය ප්‍රකාශකර සිටියා.

මෙම ව්‍යාපෘතිය විවෘත්ත කිරීමේ අවස්ථාවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය , කෑගල්ලදිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රෘ කනක හේරත් මහතා ඇතුලු හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන්, ප්‍රතිලාභී ප්‍රදේශිය ජනතාව සහභාගීව සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 06:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්