ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර ඈන් කුමරිය යන්න යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 05:18

ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර ඈන් කුමරිය යන්න යයි

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය සිය තෙදින  ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළා.
ඈන් කුමරිය , ඇයගේ වල්ලභ කුමරු ඇතුළු දූත පිරිස 07 දෙනෙකු සමග එසේ පිටත්ව ගොස් තිබුණි .
මෙම පිරිස අද අලුයම 02.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 505 දරන ගුවන් යානයෙන් ලන්ඩන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණා.
ඈන් කුමරිය ඇතුළු පිරිස ඉකුත් 10 වන දින පස්වරු 01.06 ට සිය තෙදින නිල සංචාරය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 05:18