fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන මුදල් ඇමති කථානායක හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 16:27

ජපාන මුදල් ඇමති කථානායක හමුවෙයි

මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා කථානායක  මහින්ද යපා අබේවර්ධන මහතා අද (12) පාර්ලිමේන්තුවේදී හමු වී තිබෙනවා.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මහතා එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව මිත්‍රත්වයක් පවතින බවත් ශ්‍රි ලංකාවේ ආර්ථික ස්ථායිකරණය
සම්බන්ධයෙන් ජපානයේ සහය ලබාදීමට කටයුතු කරන බවත්ය.

තවද දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානය දක්වන සහයෝගය පිළිබඳව මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කළ අතර ඉදිරියේදීද ජපානයේ සහයෝගය බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර  සුසුකි ෂුනිචි මහතා විපක්ෂනායක  සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු වික්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද හමුවී සාකච්ඡාවක නිරත විය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්