fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවය රටක කොඳු නාරටියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 16:57

රාජ්‍ය සේවය රටක කොඳු නාරටියයි

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අරලිය ගහ මන්දිරයේදී පැවති පරිපාලන ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රධානෝත්සවය අවස්ථාවේදීය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

ග්‍රාම නිලධාරීන්ට තිබෙන වගකීම් සම්භාරය රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා අමතක කරනවා. රාජ්‍ය නිලධාරීන් විතරක් නෙවෙයි දේශපාලනඥයොත් අමතක කරනවා. අප උරුමකම් කියන රට, ඉතිහාසය, දියුණුව ඇති වුණේ  වගේම, රට ආරක්ෂා කළේ ගමෙන් පටන් ගත්ත ග්‍රාමීය පාලන තන්ත්‍රයයි.

ඒ කාලෙ අපිට  ගුවන් හමුදාවක් නොතිබුණාට අපේ රජවරු අපේ සතර මායිම ආරක්ෂා කරගන්න පුළුවන් ආරක්ෂක ක්‍රමවේද ඇති කළා. ඒ හැමට ශක්තිය වුණේ අපේ ගම්බද නායකයින්.

දියුණුවේ සංවර්ධනයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට ශක්තිය වුණේ ඒ නායකයින්.  එවැනි නායකත්වයෙන් ගොඩනැගුණු රට ස්වයංපෝෂිතය කරා ගමන් කළා වගේම  ආහාරයෙන්, සංස්කෘතිය අතින් අදත් ලොව මවිත කළ හැකි තත්ත්වයක් ඇති කළා  

ග්‍රාම සේවා කාර්යාලයට ඒ කාලේ තිබුණු පහසුකම් හුඟක් අඩුයි. කලින් ඩිජිටල් තාක්ෂණය තිබුණේ නැහැ. ක්‍රමානුකූලව ක්‍රමවේදයකට මුළු ග්‍රාම සේවාවම දියුණුවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් සහිත තොරතුරු තාක්ෂණය ඔබට ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ මූල්‍ය ප්‍රතිපාදන හා තීරණ ලැබුණම තවත් සේවාවන් ලබාදීමට හා වැඩිදියුණු කර ගැනීමට හා රාජ්‍ය පාලනයේ ඉහළ ස්ථර සමඟ කටයුතු කිරීමේ  හැකියාව වැඩි කරනවා.

රාජ්‍ය සේවය රටක කොඳු නාරටියයි. රට ඉදිරි දියුණුවට ගමන් කරවීමේ වගකීම පිළිබඳ ඔබ පරිපාලන ග්‍රාම නිලධාරීන් හැටියට කැපවෙන්න.

අග්‍රාමාත්‍ය ලේකම්  අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න,  කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි  සහ පත්වීම්ලාභීන් මෙම අවස්ථාවට එක්වූහ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 16:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්