මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන බවයි.
කෘෂි විද්‍යාව දෙවන පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.
අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය දැනට පැවැත්වෙන විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන අතර එම විෂයට අදාළ විභාගය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.