fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තිය මෙහෙයුමෙන් 863ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 11:11

යුක්තිය මෙහෙයුමෙන් 863ක් අත්අඩංගුවට

පසුගිය පැය 24ක කාලය තුළ දී යුක්තිය මෙහෙයුමෙන් හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාලය තුළ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 141ක්,  ගංජා කිලෝ ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වුණා.

මෙම කාලයේ දී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 24 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ෂණ සිදුකෙරෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයන් 19 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන් 39 දෙනෙකු මෙම කාලසීමාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයේ දින 10ක් පුරා රථ වාහන පරීක්ෂා කිරිමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ සහාය ද මේ සදහා ලැබී තිබෙනවා. සොදිසි මෙහෙයුමට සමගාමිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ද ක්‍රියාත්මකයි.

හයිලෙවල් මාර්ගයේ හංවැල්ල වනහගොඩ ප්‍රදේශයේ කළ බස් රථ පරීක්ෂා කිරිමේ දී කිලෝ ග්‍රෑම් දෙකකට අධික ගංජා තොගයක් අත්අඩංගුවට ගැනුනා. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර සිට කොළඹ කොටුව බලා ධාවනය වු බස් රථයක මෙම ගංජා තොගය රැගෙනවිත් තිබෙනවා. සැකකරු තණමල්විල සිට කොළඹ දක්වා ගංජා බෙදා හැරීම කලක සිට සිදුකර ඇති බවයි ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්