fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හවුති කැරලිකරුවන්ගෙන් ආරක්ෂක මණ්ඩලය කළ ඉල්ලීම

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2024 15:16

හවුති කැරලිකරුවන්ගෙන් ආරක්ෂක මණ්ඩලය කළ ඉල්ලීම

යේමනයේ හවුති කැරලිකරුවන් රතු මුහුදේ නැව් ගමනාගමනයට බාධා කරමින් එල්ල කරන ප්‍රහාර වහා නතර කරන්නැයි ජගත් ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටිනවා.

ගෝලීය වාණිජ ක්‍රියාකාරකම් හා නාවික ගමනාගමනයට බාධා කරන සියලු ප්‍රහාර හවුති කැරලිකරුවන් වහාම නතර කළ යුතු බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

මේ පිලිබඳ ඇමරිකාව හා ජපානය ජගත් සංවිධානයට යෝජනාවක් ගෙන ආ අතර ඒ පිලිබඳ ඡන්ද විමසීමේදී රුසියාව, චීනය, මොසැම්බික් හා ඇල්ජීරියාව යන රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

කෙසේ වෙතත් යෝජනාව සම්මත වුණා.

මේ අතර හවුති කැරලිකරුවන් රතු මුහුදේ සිදු කරන ප්‍රහාරවලට ඉරානය සහය දීම එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිවරයා හෙළා දැක තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2024 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්