නීති විරෝධිව මෙරටට ගෙන්වු රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් දුම්වැටී තොගයක් රේගුව අත්අඩංගුවට ගත්තා.
නීති විරෝධිව ගෙන්වු පොල්තෙල් තොගයක් ද සොයා ගැනුනා.
නීති විරෝධිව කාම්බෝජයේ සිට මෙරටට ගෙන්වු ලක්ෂ 4කට ආසන්න දුම්වැටී තොගයක් රේගු මගින් අත්අඩංගුවට ගත්තා.
මෙම දුම්වැටී තොගය රැගෙනවිත් තිබෙන්නේ ජාත්‍යන්තර නීතිය හා රේගු ආඥා පනතේ වගන්ති උල්ංඝනය කරමිනුයි.
ඒවායෙහි වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්නයි.
ඇගලුම් ආනයනය කරන මුවාවෙන් දුම්වැටී තොගය මෙරටට රැගෙනවිත් තිබෙනවා.
එමෙන්ම ඩුබායි හි සිට මෙරටට රැගෙනවිත් යළි ඕස්ට්‍රේලියාවට අපනයනය කිරීමට සුදානම් කර තිබු දුම්වැටී තොගයක් රේගුව අත්අඩංගුවට ගත්තා.
කජු ආනයනය කිරීමේ මුවාවෙන් මේවා රැගෙනවිත් ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වුණේ.
මෙම දුම්වැටී තොගයේ වටිනාකම රුපියල් කෝටි 4කට අධිකයි.
දුම්වැටී ලක්ෂ 18ක් මෙසේ ව්‍යාජ අයුරින් රැගෙනවිත් තිබුණා.
මේ අතර ස්ලෝවේනියාවේ සිට ප්‍රතිඅපනයනය කළ පිලිපිනයේ නිෂ්පාදිත පොල්තෙල් ලීටර් 19500ක් රේගුව අත්අඩංගුවට ගත්තා.
මෙම පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑහතරදහසකට අධිකයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/jJ9noIj1hME”]