කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් රැකියා වේලාවන් තුළ කාර්යාලවල රැඳී සිටිමින් සේවය කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා.
කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාවල රැඳී සිටිමින් සිය රාජකාරී කටයුතු කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදු කරන බවට නිරීක්ෂණය වීම ඊට හේතුවයි.
ඒ අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ.
එම චක්‍රලේඛයට අනුව පස්වරු 3 දක්වා රජයේ කාර්යාල මුදල් ගණුදෙනු සඳහා විවෘතව තැබිය යුතු වනවා.
ඊට අමතරව රාජකාරී කාලය තුළ දී සිය කාර්යාල හැඳුනුම්පත පැළඳ සිටිම සහ නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධාරීන් සිය නිල ඇඳුමෙන් සැරසී පැමිණිමත් අනිවාර්ය කර තිබෙනවා.
ආබාධිත සේවා ලාභීන්ට කාර්යාල වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගත යුතු බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.