fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සන්නිවේදන උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් ගින්නකින් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 17:12

සන්නිවේදන උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් ගින්නකින් විනාශ වෙයි

මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන උපකරන අලුත්වැඩියා කරන ස්ථානයක් අද අලුයම ඇති වූ ගින්නකින් සම්පූරණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙම වෙළඳසැලේ අද අලුයම ගින්න හට ගන්නා අවස්ථාවේදී කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් ගින්න ව්‍යාප්ත වී ඇති අතර පසුව ගින්න වෙළඳසැලෙන් පිටතට ව්‍යාප්තවනු අසල්වාසීන් දැක පසුව සියලු දෙනා ඒක්ව ගින්න නිවා දැමීඹට පියවර ගනු ලැබ තිබෙනවා.

කෙසේ වෙතත් ගින්න නිවා දමන විටත් ඒම වෙළඳසැල සම්පූරණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති අතර වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා සන්නිවේදන උපකරණද සියල්ලක්ම ගින්නෙන් විනාශ වී තිබුණා.

ගින්න ඇති වීමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇතැයි පොලීසිය සැකපල කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්