fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක දෙමළ විද්වතුන්ගේ දිනයේදී යාපනයේදී මිය ගිය 9 දෙනෙකුගේ ගුණ සමරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 16:42

ලෝක දෙමළ විද්වතුන්ගේ දිනයේදී යාපනයේදී මිය ගිය 9 දෙනෙකුගේ ගුණ සමරයි

4 වන ලෝක දෙමළ විද්වතුන්ගේ දිනය යාපනයේදී සමරමින් සිටියදී මිය ගිය විද්වතුන් 09 දෙනෙකුගේ 50 වන ගුණ සැමරුම අද  දින ආගමික හා දේශපාලන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී සමරනු ලැබුවා.

යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිටදී මිය ගිය දෙමළ විද්වතුන්ගේ ස්මාර්ක 09 ක් ඉදිකොට ඇති අතර එම ස්මාර්ක ඉදිරිපිටදී මෙම 50 වන ගුණ සැමරුම සමරන ලදි.

1974 ජනවාරී මස 10 වන දින යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට හතරවන ලෝක දෙමළ විද්වතුන්ගේ දිනය සැමරීම සිදුවී ඇති අතර ඒම අවස්ථාවේදී සිදු වූ වෙඩි තැබීමකින් අදාල සැමරුම පැවති ස්ථානයට උඩින් ඇද තිබූ විදුලි රැහැනක් කඩා වැටී සැමරුම සිදු කරමින් සිටි 09 දෙනෙකුට විදුලි සැර වැදී මිය ගොස් ඇති අතර පසුව එසේ මිය ගිය අය සිහිපත් කරමින් අදාල ස්ථානයේ ස්මාර්ක 09 ක් ඉදිකොට තිබෙනවා.

අද දින මිය ගිය පිරිස් සැමරීමේ අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රීක්කයේ ආගමික නායකයින් , දේශඵාලන නියෝජිතයින් මෙන්ම මිය ගිය අයගේ ඥාතීන් පිරිසක් සහභාගී වී සිටියා.

     

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්