fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

40වන වියට පා තැබූ උතුරු කොරියා නායකයා

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 15:52

40වන වියට පා තැබූ උතුරු කොරියා නායකයා

උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් 40වන වියට පාතබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කොරියා නායකයාගේ හෝ ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයෙකුගේ ජීව දත්තයන් පිළිබදව ලෝකයට හෙළිකර නොමැති අතර පසුගිය සදුදා දිනයේ දී ඔහු 40වන වියට පා තබන්නට ඇති බවට මත පළවනවා.

පසුගිය සදුදා ඔහු තම දියණිය සමග විශේෂ සංචාරයක නිරතවන ආකාරය දැක්වෙන ඡායාරූප විදෙස් මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමගයි මෙම මත පළවුණේ.

ඔහුගේ පියාගේ හා සීයාගේ උපන්දිනයන් ලෙස ජනවාරි 8 වනදා නම්කර ඇති අතර එදින එරට නිවාඩු දිනයක් ද වනවා.

කෙසේ වුවද ජනවාරි 8 වනදා ඔවුන්ගේ උපන් දිනයන් ලෙස නම් කිරීමද රහසිගත කරුණක් ලෙසයි සැලකෙන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයේ දී උතුරු කොරියා නායකයාගේ උපන්දිනයට සුබපැතුම් එක්කළ බව පැවසුන ද දිනයක් සම්බන්ධයෙන් එහි සඳහන් වී තිබුණේ නැහැ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්