fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීති

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 15:00

පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීති

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඉදිරියේදී බදු පදනම පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර එමඟින් ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පළ කළේ, මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවැති වැට් බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයට එක්වෙමින්.

මෙම සම්මන්ත්‍රණය රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් සහ ජනමාධ්‍යවේදීන් ඇතුලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරිම සඳහා ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා විසින් සංවිධානය කර තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්