fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ – බදුල්ල මාර්ගයේ නායයෑමට ලක්වූ ස්ථානයේ තවත් නායයෑමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 08:59

කොළඹ – බදුල්ල මාර්ගයේ නායයෑමට ලක්වූ ස්ථානයේ තවත් නායයෑමක්

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ උඩුවර ප්‍රදේශයේ ඊයේ දිනයේ නායයාමට ලක්වූ ස්ථානයේම ඊයේ රාත්‍රියේ තවත් විශාල නායයාමක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් මාර්ගයේ මීටර් 150ක් පමණ දුර ප්‍රමාණයක් මුලුමනින්ම පස් වලින් වැසී තිබෙනවා.

එම ප්‍රදේශයේ ඉහළින් පිහිටි කන්දක කොටසක් මෙලෙස නායයාමට ලක්ව ඇති අතර එම පස් බදුලු ඔයට ද වැටීමෙන් එම ඔයේ කොටසක් ද හරස් වී තිබෙනවා.

නායයාමට ලක්වූ කන්දෙහි දුරකතන සමාගම් කිහිපයක සන්නිවේදන කුළුණු පිහිටා තිබූ අතර ඒවාට ද දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

මෙම නායයාම හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය මුලුමනින්ම ඇණහිට තිබූ අතර රාත්‍රී 12 පමණ වන විට ඩෝසර් යන්ත්‍ර යොදා මාර්ගයේ පස් ඉවත් කිරීම ආරම්භ කෙරුණා.

මාර්ගය අඩි ගණනක් උසට පස් තට්ටු තැන්පත්වී ඇති අතර ප්‍ර දේශයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් එවා ඉවත් කිරීම දුෂ්කර වී තිබෙනවා.

කෙසේ වෙතත් එම ප්‍ර දේශයේ පවතින අධි අවදානම් තත්ත්වය හේතුවෙන් පස් ඉවත් කිරීම තාවකාලිකව නතර කෙරුණු අතර අද දිනයේත් මාර්ගය විවෘත කිරීමට නොහැකි වනු ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්