fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතියෙන් වරදකරුවන් වූ දේශපාලනඥයින්ට පනවා තිබූ නීතියක් ලිහිල් වෙයි

hasiniek
By hasiniek ජනවාරි 9, 2024 16:37

නීතියෙන් වරදකරුවන් වූ දේශපාලනඥයින්ට පනවා තිබූ නීතියක් ලිහිල් වෙයි

නීතියෙන් වරදකරුවන් වූ දේශපාලනඥයින්ට ජීවිත කාලය පුරා දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකිවන අයුරින් පනවා තිබූ නීති ඉවත් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරුන් වන නවාස් ශරීෆ්ට හා ඉම්රාන් ඛාන්ට නැවත දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකිවන ලෙස තහනම් නියෝග නිකුත් කර ඇති අතර නව තීන්දුවත් සමග ඔවුන්ට නැවත දේශපාලනයට අවතීර්ණවීමට අවස්ථාව හිමිවනවා. එරට ව්‍යවස්ථාවේ හා 2017 මැතිවරණ පනතේ බලතල අනුවයි පෙර තහනම් නියෝග නිකුත්කර තිබුණේ.

විනිසුරුවන් 7 දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් මගින් ලබාදුන් තීන්දුව අනුව ජීවිත කාලයටම පනවා තිබූ තහනම උපරිම වසර පහකට සීමාවන පරිදි සංශෝධනය වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයට නවාස් ශරීෆ්ට තරග කළ හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

hasiniek
By hasiniek ජනවාරි 9, 2024 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්