නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් දෙදහස් තිස් දෙකක තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
කල්පිටිය උච්චමුනෙයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ ඔස්සේ යාත්රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්රා තුනක් (03) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කළ බව සඳහන්.
එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල උර හැත්තෑ එකක (71) අසුරන ලද මුහුදු කූඩැල්ලන් සොයා ගෙන තිබුණා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 43 ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ තලවිල යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් හය දෙනා (06), ඩිංගි යාත්රා තුන (03) සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා