ඉන්දියාව හා මාලදිවයින අතර හටගෙන ඇති මතබේදාත්මක ගැටුම් හේතුවෙන් මාලදිවයින වෙත සිදුකෙරෙන සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
මාලදිවයිනේ ආර්ථිකය සංචාරක කර්මාන්තය මත පදනම්ව ගොඩනැගී ඇති අතර ඉන්දියාව සමග හටගත් මතබේදාත්මක ගැටුම් හේතුවෙන් ඊට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවටයි විශ්ලේෂකයින් අනාවැකි පලකරන්නේ.
ඉන්දියාව සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් මාලදිවයිනේ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු අවමන් සහගත ප්‍රකාශ නිකුත් කළ අතර ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට මාලදිවයින් ජනාධිපතිවරයා පියවර ගත්තා.
නරේන්ද්‍ර මෝදි විකටයෙක්, ත්‍රස්තවාදියෙක් හා ඊශ්‍රායලයේ රූකඩයක් ලෙසයි ඔවුන් හදුන්වා තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා ඉන්දියාවේ මාලදිවයින තානාපතිවරයා ද කැදවීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තා.
පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කිරීමත් සමග ඉන්දියාවත් සමග මතබේදාත්මක ගැටුම් ආරම්භ වුණා.