fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියානු මහ කොමසාරිස් සහ ඇමති හරීන් අතර සුහද හමුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2024 11:00

මැලේසියානු මහ කොමසාරිස් සහ ඇමති හරීන් අතර සුහද හමුවක්

මැලේසියානු මහ කොමසාරිස් Badli Hisham Adam මහතා හා සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සුහද හමුවක් ඊයේ (08) අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහි දී දෙරට අතර සංචාරක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරුණ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහි දී සාකච්ඡාවට බඳුන් කර ඇත.

Badli Hisham Adam මහතා පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සුන්දර සංචාරක ස්ථාන රැසකට සංචාරය කළ බවත් මෙරට සුන්දරත්වය අත්විඳි බවත් එහි දී අමාත්‍යවරයා හමුවේ පැවසීය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2024 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්