සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 02ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.
ඒ වනවිට ඔවුන් පන්දුවාර 44යි පන්දු 4ක් ක්‍රීඩා කර තිබුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 211ක් ලබා ගනිමින් සිය ජය වාර්තා කළා.
තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීයි.
ජනිත් ලියනගේ සිය මංගල එක්දින අර්ධ ශතකය රැස් කළ අතර ඔහු ලකුණු 95ක් ලබා ගත්තා.