fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2024 05:50

වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට

වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ DAT දීමනාව රුපියල් 35,000 සිට 75,000 දක්වා වැඩිකර ඇත.

මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉහළ දැමීමට ජනපති කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 25%කින් ඉහළ දැමෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 9, 2024 05:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්