fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දයාසිරිට තහනම් නියෝගයක්

hasiniek
By hasiniek ජනවාරි 8, 2024 15:49

දයාසිරිට තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

එය ලබන 21 වැනිදා දක්වා බල පැවැත්වෙන බවයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නියෝග කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

hasiniek
By hasiniek ජනවාරි 8, 2024 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්