fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නරේන්ද්‍ර මෝදිට අපහාස කළ අයට ලැබුණු දඬුවම

hasiniek
By hasiniek ජනවාරි 8, 2024 14:21

නරේන්ද්‍ර මෝදිට අපහාස කළ අයට ලැබුණු දඬුවම

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ත්‍රස්තවාදියෙක් හා විහිලුකාරයෙක් ලෙස හැඳින්වූ මාලදිවයිනේ අමාත්‍යවරුන්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඉන්දියාව සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශ නිකුත් කළ මාලදිවයිනේ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෝදි මහතාගේ සමාජ මාධ්‍ය සටහනකට නිලධාරීන් ප්‍රතිචාර දක්වා තිබුණේ ඔහු විකටයෙක්, ත්‍රස්තවාදියෙක් හා ඊශ්‍රායලයේ රූකඩයක් ලෙස හඳුන්වමින්.

කෙසේ වෙතත් මාලදිවයින් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවසුවේ එම ප්‍රකාශයන් පෞද්ගලික ඒවා වන අතර රජයේ මතය නියෝජනය නොකරන බවයි.

මොහොමඩ් මුයිසු පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු 75 ක පමණ ඉන්දීය භට කණ්ඩායමකට රට හැර යන ලෙස ඉල්ලා සිටීමෙන් පසු ඉන්දියාව හා මාලදිවයින අතර දැනටමත් මත භේද පවතිනවා.

hasiniek
By hasiniek ජනවාරි 8, 2024 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්