fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයනා මන්ත්‍රී ධුරය ගැන ඇපෑලක් සලකා බලන්න දින නියම වෙයි

hasiniek
By hasiniek ජනවාරි 8, 2024 14:05

ඩයනා මන්ත්‍රී ධුරය ගැන ඇපෑලක් සලකා බලන්න දින නියම වෙයි

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමේ අභියාචනාධිකරණ තීරණයට එරෙහිව ගොනු කෙරුණු ඇපෑලක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකර‍ණය තීරණය කළා.

මෙම ඇපෑල සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කළේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔ‍ෂල හේරත් යන අයයි එය ඉදිරිපත් කර තිබුණේ. පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

මෙම තීරණය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බව පවසන පෙත්සම්කරු එම තීරණය අවලංගු කරන ලෙසට තීන්දුවක් ලබාදෙන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

 

 

hasiniek
By hasiniek ජනවාරි 8, 2024 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්