fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එල් නිනෝ දේශගුණ විපර්යාසයෙන් පොල් වගාව ආරක්ෂා කර ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 10:32

එල් නිනෝ දේශගුණ විපර්යාසයෙන් පොල් වගාව ආරක්ෂා කර ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්

එල් නිනෝ දේශගුණ විපර්යාසයෙන් පොල් වගාව ආරක්ෂා කර ගැනීමට එම වගාව සම්බන්ධයෙන් කටයුතු කරන සියලු අංශවලින් යුත් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර මෙම වසරේ ඉදිරි යළ කන්නය තුළ දැනට පවතින එල් නිනෝ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට කාලගුණ අංශ පුරෝකථනය කර ඇති අතර ඒ අනුව මෙරට පොල් වගාවට විශාල බලපෑමක් එල්ල වීමේ ඉඩකඩ පවතිනවා.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොල් වගාව ආරක්ෂා කර ගැනීමට විධිමත් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍ය මහින් අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එල් නිනෝ දේශගුණ විපර්යාසයෙන් සිදුවන බලපෑම අවම කර ගැනීමට පොල් වගාවන් තුළ වළවල් හරා තෙතමනය ආරක්ෂා කිරීම මෙන්ම පොල් ලෙලි පොල් ගස් මුල ඇතිරීම මගින් නියගයට යම් මට්ටමකින් මුහුණ දීමේ හැකියාව පවතින බව හෙළි වී තිබෙනවා.

එල් නිනෝ විපර්යාසයෙන් පොල් වගාව බේරා ගැනීම සදහා රජය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 300ක්.

එමෙන්ම පොල් පැළ තුන්ලක්ෂ හැටදහසක් අලුතින් රෝපෂණය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

තත්ත්වය පිළිබද පොල් වගාවේ නිරත ගොවීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙසට ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් පර්යේෂණ ආයතනයට උපදෙස් ලබා දී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්