fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ ලෙස මුදල් මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 05:37

ව්‍යාජ ලෙස මුදල් මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස රුපියල් 1000 නෝට්ටු මුද්‍රණය කර මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා භාවිත කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

මොවුන් විසින් මුද්‍රණය කර මාරුකර ඇති මුදල්වල වටිනාකම රුපියල් 50,000ක් පමණ වන බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් විසින් මුද්‍රණය කරන ව්‍යාජ මුදල් විවිධ ක්‍රම භාවිත කර වෙනත් මුදල් සමග මාරුගකරගෙන අනතුරුව ඒවා යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (08) අලුත්කඩේ අංක 04 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මාලිගාවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 05:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්