fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය ඇමති ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 16:36

සෞඛ්‍ය ඇමති ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් සපයන විශිෂ්ට සේවාව පිළිබඳ සමාජය දැනුවත් නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වැනි විශේෂිත රෝහල්වලින් සිදුකෙරෙන විශිෂ්ට සේවාව පිළිබදව සමාජය දැනුවත් කිරීමට යම් වැඩපිළිවෙලක් සකස් කිරීම කාලෝචිත ක්‍රියාවක් බවයි එහි කටයුතු නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලුවලට හා සෞඛ්‍ය වෘත්තිකයින්ට රාජකාරිමය වශයෙන් පවතින ගැටලුවලට විසදුම් ලබාදීම අමාත්‍යවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වුණා.

වාට්ටු සංකීර්ණ,  මුළුතැන්ගෙන,  ඖෂධාගාරය සහ ආපනශාලාව වැනි ස්ථාන නිරීක්ෂණය කරමින් එහි අඩුපාඩු දැකබලා ගත් අමාත්‍යවරයා ඒවාට විසදුම් ලබාදීමට කටයුතු කළා.

මෙම සෞඛ්‍ය විද්‍යායතන මගින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය,  රෝග වැළැක්වීම,  ප්‍රතිකාර,  පුනරුත්ථාපනය,  මනෝසමාජීය රැකවරණය අදිය මෙන්ම මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ඉඩසලසන වටපිටාවක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදි වැඩිදුරටත් සදහන් කළේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්