fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 12:55

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අම්බාල්නගර් ප්‍රදේශයේ 2024 ජනවාරි මස 06 වන දින සිදු කල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණි.

එහිදී එම නිවසේ පිටුපස ප්‍රදේශයේ වළදමා තිබූ උරයක් තුළ මත්පෙති (Pregabalin Capsules) පන්සිය විසි හයක (526) තොගයක් සමඟ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්