fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නාලිකාව ලෙස ITN යළි පිදුම් ලබයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 11:44

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නාලිකාව ලෙස ITN යළි පිදුම් ලබයි

පිනකල් ශ්‍රී ලංකා ව්‍යාපාරික සම්මාන ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වුණා.

එහිදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම්මාන රැසක් දිනාගත්තා.

වසරේ දැවැන්තම වෙළෙඳ සන්නාම ව්‍යාපාරික සම්මාන ප්‍රදානෝත්සවය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා.

සරත් වීරසේකර , ඩයනා ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මැතිඇමතිවරුන් සහ කලා ක්ෂේත්‍රයේ නිරතවූවන් මෙන්ම මාධ්‍ය , ව්‍යාපාරික ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් ඊට එක්ව සිටියා.

මෙම සම්මාන උළෙලේදී මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සන්නාම කිහිපයක්ම සම්මානයට පාත්‍ර වුණා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ද විශිෂ්ට සම්මාන කිහිපයක්ම හිමිකර ගත්තා.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නාලිකාව ලෙස සම්මාන දිනාගත්තේ ස්වාධීන රූපවාහිනියයි.

එම සම්මානය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සුධර්මන් රදලියගොඩ මහතා විසින් ලබාගත්තා.

වසරේ ප්‍රශස්තම රූපවාහිනී වැඩසටහන ලෙස සම්මාන හිමිවූයේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනටයි.

වසරේ ප්‍රාසාංගික වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අසංක සතරසිංහ සම්මාන හිමිකර ගත්තා.

ලක්හඩ ගුවන් විදුලියේ වැඩසටහන් මෙන්ම ශිල්පීන් රැසක් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

වසරේ ප්‍රශස්තම ගුවන්විදුලි නිවේදිකාව ලෙස සම්මාන හිමිකර ගත්තේ මයුරි ලියනගේයි.

මධුශංක මහමිතව වසරේ ප්‍රශස්තම ගුවන්විදුලි නිශ්පාදක හා ප්‍රශස්තම ගුවන්විදුලි නිවේදක ලෙස සම්මාන හිමිකර ගත්තා.

ප්‍රශස්තම ගුවන්විදුලි වැඩසටහන ලෙස සම්මාන හිමිවූයේ ලක්හඩ ගුවන් විදුලියේ කාලෙ හංදිය වැඩසටහනටයි.

ප්‍රශ්සතම ගුවන්විදුලි සංස්කරණය හා නිෂ්පාදනයට හිමි සම්මානය අනිල් මහානාමට හිමිවුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්