fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියේ ගිලි මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ පවුලේ අයට මුදල් පරිත්‍යාගයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 16:16

දියේ ගිලි මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ පවුලේ අයට මුදල් පරිත්‍යාගයක්

අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ කළ සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී දියේ ගිලි ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරියෙකුගේ පවුලේ අයට අරමුදල් ලබාදීම පොලිස් මූලස්ථානයේදී සිදු කෙරුණා.

පසුගිය නොවැම්බර් 22වනදා සැකකරුවෙකු අත්අඩංගුවෙන් මිදී පලායන අවස්ථාවේදී ජාඇල නගරය ඔස්සේ ගලාබසින ඇලට පැන ගත්තා.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාඇල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ ආධුනික පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් මහතා ක්‍රියා කළා. සැඩ පහරට හසු වීමෙන් ගසාගෙන ගිය මෙම පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු සිදුකල සුවිශේෂී රාජකාරිය ඇගයීමට ලක්කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් එම නිලධාරියාගේ දෙමව්පියන්වෙත ලබාදුන්නා.

ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම නිලධාරියාට ජීවිතාන්තය දක්වා වැටුප ලබාදීමට ද වැඩබලන පොලිස්පතිවරයා පියවර ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 16:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්