fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඛාන් යුනිස් නගරයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 16:44

ඛාන් යුනිස් නගරයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු මරුට

ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් තිබෙනවා.

දකුණු ගාසා නගරයේ ඛාන් යුනිස් නගරයේ නිවසකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රරහාරයකිනුයි මෙම පලස්තීනුවන් 18 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පලස්තීන භූමි ප්‍රදේශයේ මධ්‍යම ප්‍රදේශයේ ගාසා තීරයේ ඩීර් එල්-බාලා නගරයේ නිවසකට මෙම ප්‍රහාරය එල්ල වුණා.

මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රහාර මධ්‍යයේ බටහිර ඉවුරේ නැබ්ලස් නගරයේ හා නැගෙනහිර ජෙරුසලමේ ශුෆාත් සරණාගත කඳවුරේ දරුණු ගැටුම් වාර්තා වුණා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ සිකුරාදා දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර, ටැංකි ප්‍රහාර සහ කාලතුවක්කු ෂෙල් ප්‍රහාර එල්ල කළ බවයි.

මේ අතර ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 22,600ක් මිය ගොස් 57,910ක් තුවාල ලබා තිබෙනවා. ඔක්තෝබර් 7දා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් එරට වැසියන් 1,139ක්ද මිය ගියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 16:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්