fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුනායකට ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 14:40

කටුනායකට ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා.

අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිටව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය අද (06) විවෘත කෙරිණි.

මෙහිදී රටින් පිටවීමට හෝ රට තුළට පිවිසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණෙන සියලු මගීන්ගේ ජායාරූප මෙම පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා අතර එවැනි අපරාධකරුවෙකු මෙම යන්ත්‍ර අභියසට පැමිණි විගස මෙම පරිගණක පද්ධතිය මගින් විශේෂ අනතුරු හැගවීමේ සංඥා හඩක් නිකුත් කරනු ලබයි .

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්