fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය පිරිස වෙනුවෙන් හිටපු ජනපති මහින්ද ශෝකය පළකරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 12:10

ඉරානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය පිරිස වෙනුවෙන් හිටපු ජනපති මහින්ද ශෝකය පළකරයි

ඉරානයේ කෙර්මන් නුවරදී බෝම්බ දෙකක් පිපිරීමෙන් පුද්ගලයන් සිය දෙනෙකුට වැඩි පිරිසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මහජන නියෝජිතයන් හා විදෙස් තානාපතිවරුන් ශෝකය පළකරනවා.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් කාසීන් සුලෙයිමාන් 2020 වසරේ ජනවාරි 03 වනදා ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගියා.

ඔහුගේ ගුණසමරු උත්සවයට එක්වූ පිරිස ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කෙරුනා.

එම සිද්ධියෙන් මිය ගිය පිරිස වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති නිල නිවසට ගිය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ශෝකය පළකලා.

එමෙන්ම අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙන්ම මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් කිහිප දෙනෙකුම මෙසේ ශෝකය පළ කිරීමට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්