fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 11:43

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ ඊයේ සවස් කාලයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් පනස් තුනකට (53) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය මඟින්, 2024 ජනවාරි 05 දින සවස් කාලයේ වෙත්තලකේනි කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ‍එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ පාර්සල් පහළොවක (15) අසුරන ලද කේරළ ගංජා කිලෝ පනස් තුනයි (53) ග්‍රෑම් අටසියයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

 නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසි එකකට (21) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්