fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි වසර 5 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරනවා

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 17:31

ඉදිරි වසර 5 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරනවා

එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන බස්නාහිර පළාත අද මෙරට ආර්ථිකයේ ප්‍රධාන එංජිම බව පෙන්වා දුන් ජනාධිතිවරයා ඉදිරියේ දී දකුණු, උතුරු, මධ්‍යම යන පළාත් මෙන්ම වයඹ පළාත ද ඊට එක් කර ගනිමින් ප්‍රධාන එංජින් 05ක් යටතේ මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වව්නියාව දිස්ත්‍රික් සංස්කෘතික ශාලාවේදී අද පැවති වව්නියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.

වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන, සෞඛ්‍ය, නැවත පදිංචි කිරීම්, ඉඩම්,විදුලිය,ජලය, සංචාරක, වන සංරක්ෂණ හා ධීවර ක්ෂේත්‍රවල පවතින ගැටලු පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර එම ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළා.

මෙරට අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් බවට කොළඹ, මහනුවර මෙන්ම උතුරු පළාත පත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත කීර්ති තෙන්නකෝන්, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත් චන්ද්‍ර, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේෂ්වරන් යන මහත්ම මහත්මීන් සහ වවුනියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්ක නියෝජනය කරන මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 17:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්