fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොර සහ වැට් – ගොවි මහතුන්ට දැනුම් දීමක්

hasiniek
By hasiniek ජනවාරි 4, 2024 20:37

පොහොර සහ වැට් – ගොවි මහතුන්ට දැනුම් දීමක්

දැනට වෙළෙදපොළේ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන ලද වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තිය අදාල නොවන බව පොහොර සැපයුම්කරුවෝ අවධාරණය කරනවා

එයට හේතුව දැනට වෙළෙදපොළේ අලෙවි කෙරෙන පොහොර ආනයනය කර තිබෙන්නේ වැට් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර වන අතර ඊට වැට් බද්දක් අදාල සමාගම් විසින් ගෙවා නැති බවයි කෘෂි කාර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.

අද දින පෙරවරුවේ (04) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම කාරණය සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වි තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේ දී දැනට වෙළෙඳ පොළේ අලෙවි කරන රසායනික පොහොර සඳහා වැට් බදු අය නොකරන ලෙස අමාත්‍යවරයා එම සමාගම්වලින් ඉල්ලිමක් කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා යන මහත්වරු මෙන්ම පොහොර ආනයන සමාගම් කිහිපයක නියෝජිතයෝ ද සහභාගි වූ බව සඳහන්.

මේ වනවිට 2023/24 මහ කන්නයේ වී වගාවේ අස්වනු නෙලාගැනීමේ කටයුතු ආරම්භ වී තිබේ. එමනිසා දැනට රසායනික පොහොර අලෙවියේ කිසියම් අඩුවීමක් ඇත. නමුත් දැනට වෙළෙද පොලේ ඇති පොහොර ආනයනය කර තිබෙන්නේ පැරණි පැවැති මිල ගණන් යටතේ වන අතර එම පොහොර ආනයනයේ දී වැට් බදු අය කිරීමක් සිදු කර නැත.

එමනිසා දැනට වෙළෙදපොළේ අලෙවි කරන පොහොර සඳහා කිසියම් ආයතනයක් වැට් අයකරන්නේ නම් වැට් සඳහා වන බිල්පතක් ඉල්ලා සිටින ලෙස සියලුම ගොවීන් දැනුම්වත් කරන ලෙස පොහොර සමාගම්වල නියෝජිතයෝ අමාත්‍යවරයා ගෙන් ඉල්ලීමක් කලා

එමෙන්ම පළිබෝධනාශක සම්බන්ධව වැට් බදු අය කිරීමක් සිදුකළ යුතු වුවද, පළිබෝධනාශක අලෙවියෙන් ලබන ලාභය මත එම වියදම ආවරණය කර ගන්නා බැවින් මුලික මිල ගණන්වලට වැට් එකතු කිරීමක් සිදු නොකිරීමට ද පලිබෝධ නාශක බෙදාහරින සමාගම් නියෝජිතයෝ ප්‍රකාශ කළා.

hasiniek
By hasiniek ජනවාරි 4, 2024 20:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්