fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය රුක්ෂාන්ගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

hasiniek
By hasiniek ජනවාරි 4, 2024 18:49

වෛද්‍ය රුක්ෂාන්ගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා නීතිඥ මනෝජ් ගමගේ මහතාට අපහාස කළ බවට චෝදනා කරමින් එන්තර වාසියක් යොමුකර තිබෙනවා.

පසුගිය 29 වනදා බෙල්ලන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ද්වේශ සහගත ලෙස මනෝජ් ගමගේ මහතා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු දැක්වීමක් සිදුකර ඇති බවයි ගමගේ මහතාගේ නීතිඥවරයා පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කළ ප්‍රකාශවලින් කීර්ති නාමයට සිදු වු හානිය වෙනුවෙන් මනෝජ් ගමගේ මහතාගේ නීතිඥවරයා රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා තිබෙනවා.

 

 

 

hasiniek
By hasiniek ජනවාරි 4, 2024 18:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්