අද ගුවන්තොටුපළ ඒකාබද්ධ වෘත්තීය සංගමය විසින් විරෝධතා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කර තිබුණා.
ඔවුන් තමන්ගේ කෑම පැයේ දී, ( එනම් ප.ව 12:00 සිට 01:00 දක්වා ) මෙම ක්‍රියාමාර්ගය සඳහා කටයුතු කර තිබුණා.
මෙහි දී ගුවන්තොටුපළ සභාපතිතුමා විසින් අද දින පෙ.ව 11:00ට ඔවුන්ට ලබා දී තිබූ සාකච්ඡාව අවලංගු කර මධ්‍යහ්න 12:00ට එම සාකච්ඡාව කැඳවා තිබුණා.
සංගමයේ ප්‍රධානීන් පවසන ආකාරයට සභාපතිවරයා එසේ සිදු කරන ලද්දේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමට යි.
කෙසේ වෙතත් ගුවන්තොටුපළ සභාපතිවරයා ඒ අතර ම එම මෙම වෘත්තීය සංගමයේ ඉදිරිපෙළ නියෝජනය කරමින් කටයුතු කළ සාමාජිකයින් 28 දෙනෙකු සම්බන්ධයෙන් සෘජු ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා.
මෙහි දී එම 28 දෙනාව සිදු කරන ලද විෂමාචාරයක් මත අනිවාර්ය නිවාඩු යැවීම යන සිරස්තලය ඔස්සේ ගුවන්තොටුපළ සභාපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් නිවාඩු ගැන්වීමට කටයුතු කර තිබෙනවා.
පසු ව එම අදාළ අයවළුන් ගුවන්තොටුපළට අයත් ඇතුළුවීමේ අවසරපත සහ අනෙකුත් රාජකාරී බඩුභාහිරාදිය අදාළ බල්ධරයන්ට ලබා දීමට කටයුතු කර තිබෙනවා. පසුව මෙම පිරිස කටුනායක ඇවරියවත්ත සතොස ගොඩනැගිල්ල අසලට පැමිණ අවශ්‍ය පිරිස් බලය එකතු කරමින් කටයුතු කළා.
කෙසේ වෙතත්, මෙම වෘත්තීය සංගමය පවසන ආකාරයට ඔවුන් නිර්පාක්ෂික මෙන් ම සේවක අයිතීන් වැටුප් වර්ධක වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන සංගමයක් ය.
අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කර තිබෙන ආකාරය නියමිත ක්‍රියාපටිපාටියකට අනුකූලව සිදු නොකර සභාපතිතුමාගේ අත්තනෝමතික තීරණයකට අනුව එය සිදු කර ඇති බවට සංගමය චෝදනා කරනවා.
එමෙන් ම සභාපතිවරයාගේ මෙම හිතුවක්කාර තීරණය සාධාරණ නොවන්නේ, අද දිනට ගනු ලැබීමට නියමිත ව තිබූ වෘත්තීය සංගම් විරෝධතාව පිළිබද ව ඊට පෙර සිට විනයානුකූල ව සහ නීත්‍යානුකූලව අදාළ බලධාරීන්ට මෙම සංගමය මගින් ලිඛිත ව දන්වා ඇති බැවින් යැයි සේවක සංගමය පවසනවා.
මෙම සංගමයේ මුල්පෙළ ක්‍රියාකාරීන් ව මෙසේ මර්දනය කිරීමට උත්සාහ කළ ද දෙවන පෙළකින් ද මෙම සංගම යුක්ත බව සංගමය ප්‍රකාශ කළා.
එසේ ම මෙම සංගමය පිහිටුවා කෙටි කාලයක් ඇතුළත මේ වනවිට ගුවන්තොටුපළ සාමාජිකයින් 1500 සීමාව ඉක්මවා ඇති බව ද පැවසුවා.
මෙම සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පවසන පරිදි ඔවුන් මෙම වැටුප් සටන අරඹා ඇත්තේ ගුවන්තොටුපළට සේවකයන් හට ගෙවීමේ හැකියාව ඇද්දැයි හොදින් සොයා බැලීමෙන් අනතුරු වයි.