fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂිකර්ම ඇමති මෙවර මහ කන්නයේ වී අස්වනු පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 15:41

කෘෂිකර්ම ඇමති මෙවර මහ කන්නයේ වී අස්වනු පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉල්ලයි

මෙවර මහ කන්නයේ වී වගාවේ අස්වනු පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මහ කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව තිබුනත් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අධික වර්ෂාව හා වැව් වාන් දැමීම නිසා අස්වනු නෙලීමට ආසන්න කුඹුරුවලට යම් හානියක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා මෙම තාක්ෂණික වාර්තාව කැඳවීමේ අරමුණ වී තිබෙනවා.

විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය වාන් දැමීමට ආසන්නව පැවතීමත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්නව පැවැති කුඹුරු අක්කර සිය ගණනක් වර්ෂාව නිසා ජලයෙන් යට වීමත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයක ගොවි ජනතාවට කිහිපවරක්ම නැවත නැවත වී වැපිරීමට සිදුවීමත් නිසා සමස්ත වී අස්වැන්නට යම් බලපෑමක් එල්ල විය හැකිද යන්න සොයා බලන ලෙසත් අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

මෙම සාකච්ඡාව අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බතලගොඩ වී පර්යේෂණායතනය නිලධාරීහු සූම් යෙදවුම මගින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මෙවර මහ කන්නයේ දී වි මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ඉදිරි සතියක කාලයක්  තුළ අදාල තාක්ෂණික වාර්තාව  කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්