fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එරට ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 15:57

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එරට ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා එරට ජනාධිපති මොහොමඩ් සහබුදීන් මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා බංග්ලාදේශ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව කෙටි කතාබහකද නිරත වුණා.

දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන ඒමේ වැදගත්කම බංග්ලාදේශ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් ද බංග්ලාදේශ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට මහ කොමසාරිස්වරයා මෙහිදී කටයුතු කළා.

බංග්ලාදේශ ජනාධිපති කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්